Lyrics
අන්සතු කියා දැනගෙනත් මං ඔයා
කාටත් හොරා හිතුමතෙන් පෙම් කලා
නෑ වැරදි කවදාවත් සත්තයි ඔයා
මා වැරදි හැමදාමත් නෑ මට සමා
මේ විදින අවමන් ලොවෙන් මා නිසා
නෑ දෙන්නෙ යලි මං තවත් ලං වෙලා
පෙම් කෙරැව මතකෙන් ඔබෙන් වෙන් වෙලා
ඈතකට යන්නම් නොඑන්නම සදා
නෑ වැරදි කවදාවත් සත්තයි ඔයා
මා වැරදි හැමදාමත් නෑ මට සමා
උන්නාට රහසින් පෙමින් ලං වෙලා
එයි යන්න දවසක් ඔබෙන් වෙන් වෙලා
මේ වැරදි ඇසුරෙන් තවත් දුර නොයා
හිදින්න ඔබ සතුටින් ප් රියේ මට සමා
නෑ වැරදි කවදාවත් සත්තයි ඔයා
මා වැරදි හැමදාමත් නෑ මට සමා