ගී පද
ආලෝකේ අතීතයේ කඳුලින් මැවේවී
ජීව වේදනාවෝ මා හදේ ගිගුම් දේවී
වැලි කෙළියේ මා දුටු ඒ සුරූපීය දේහේ
නොපෙනී අද ඈගේ මදු ගීතය මට නෑසේ//
මා හද ඉවුරේ පාලුව අතුරා
ගී හඬ අහසේ ඈත ඇහෙනවා
ජීවන කතරේ කෙළවර නොපෙනේ
මා තැනු රං මාලිගාව කැඩී බිඳී විසිරිලා
ආදරයේ ගීතිකාව බොල් සුළගේ පා වුණා
සංවේගේ ගංගාව උතුරා ගලා වී
ප් රේම කාමනාවෝ රළපතරේ හඬාවී//
රං තරු මැළවී මිහිකුළු අතරේ
මහ මාරුතයේ සුසුම් හෙලනවා
මල්වර සමයේ සවනට කොඳුරා
මේඝ වලා පීර පීර ඈ ගිය අත විමසුවා
කෝකිල කූජන අරණේ ඈ වෙනුවෙන් නැවතුණා
සංවේගේ ගංගාව උතුරා ගලා වී
ප් රේම කාමනාවෝ රළපතරේ හඬාවී//