ආලෝකේ අතීතයේ කඳුලින් මැවේවීaalookee athiithayee kandulin maeweewii

Aloke Athithaye Kandulin

Lyrics

ආලෝකේ අතීතයේ කඳුලින් මැවේවී
ජීව වේදනාවෝ මා හදේ ගිගුම් දේවී
වැලි කෙළියේ මා දුටු ඒ සුරූපීය දේහේ
නොපෙනී අද ඈගේ මදු ගීතය මට නෑසේ//

මා හද ඉවුරේ පාලුව අතුරා
ගී හඬ අහසේ ඈත ඇහෙනවා
ජීවන කතරේ කෙළවර නොපෙනේ
මා තැනු රං මාලිගාව කැඩී බිඳී විසිරිලා
ආදරයේ ගීතිකාව බොල් සුළගේ පා වුණා
සංවේගේ ගංගාව උතුරා ගලා වී
ප් ‍රේම කාමනාවෝ රළපතරේ හඬාවී//

රං තරු මැළවී මිහිකුළු අතරේ
මහ මාරුතයේ සුසුම් හෙලනවා
මල්වර සමයේ සවනට කොඳුරා
මේඝ වලා පීර පීර ඈ ගිය අත විමසුවා
කෝකිල කූජන අරණේ ඈ වෙනුවෙන් නැවතුණා
සංවේගේ ගංගාව උතුරා ගලා වී
ප් ‍රේම කාමනාවෝ රළපතරේ හඬාවී//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.