ගී පද
ඇහිපිල්ලමක් තරම්වත්
තේරුම් අරන් අපි හොඳින්
ජීවත්වෙලා හිටියා නම්
වෙන් වෙන්නෙ නෑ අපි අපෙන්
මේ ගීතේ ඇහෙන මානේ
ඔබ ඇති නම් පාළුවේ
පෙර වාගේ හිත මාගේ
ඔබට තාමත් ආදරේයි
පෑ සෙනෙහෙ මදිවී මාගේ
ඔබ ගියත් සුළඟක් වාගේ
නෑ වෛර කිසිදා කෙරුවේ
මා ඔබ කෙරේ...
දෑස මෙන් දුක සැප දෙකේ
අපි ආදරෙන් සිටි කාලයේ
නෑ කලින් මට වැටහුනේ
හැර යයි කියා ඔබ අත මගේ
දෑස හඬවලා ගියදා ඉඳන්
ඔබ සතුටක් ලැබුව නම්
ලැබුණු දුක රස කරන් විඳවන්නම්
මගෙ හිතට පුළුවන් තරම්
පෑ සෙනෙහෙ මදිවී මාගේ
ඔබ ගියත් සුළඟක් වාගේ
නෑ වෛර කිසිදා කෙරුවේ
මා ඔබ කෙරේ...
නවතමින් හිත රිදුනොතින්
නොසිතුව ලෙසින් ඔබ මතු දිනේ
ඉක්මනින් ඇති තැන ඉඳන්
ඔබ එන්න මේ හිත වෙත මගේ
ඔබව රවටා තිබුණද කියන්
එක මොහොතක්වත් කලින්
එහෙම කල මා දමා
කාටත් හොරෙන් ගියේ ඇයි
නොඑනා ගමන්...
(පෑ සෙනෙහෙ මදිවී මාගේ
ඔබ ගියත් සුළඟක් වාගේ
නෑ වෛර කිසිදා කෙරුවේ
මා ඔබ කෙරේ...//)