අහිමි නෙතු අගahimi nethu aga

Ahimi Nathu Aga

සංගීතය:
මයුර ලියනගේmayura liyanagee
පද රචනය:
කජානි අමන්දාkajaani amandhaa

ගී පද

අහිමි නෙතු අග පැටලි පැටලි
සිත දුරක ඇඳුණා
සුවඳ ඇති රෑ සිහිනයක මා
අතරමං කෙරුවා

කතා කලා නෙත් අත් පටලාගෙන
අනන්තය දිගේ සිහින දකින්නට //
ඇරයුම සොඳුරුයි නුඹම දුර ඇදෙයි
දෑස් මානයේම මා රදවා

අහිමි නෙතු අග ...//

ළඟින් සිටි නම් මගේ සුරඟන වන්නට
ඔබහට නැති ද වරම්
හිමිකම වෙනුවට තනිකම සොඳුරුද
ඇයි නුඹේ වන්නට මට තහනම්

අහිමි නෙතු අග ...//