Lyrics
අහිමි නෙතු අග පැටලි පැටලි
සිත දුරක ඇඳුණා
සුවඳ ඇති රෑ සිහිනයක මා
අතරමං කෙරුවා
කතා කලා නෙත් අත් පටලාගෙන
අනන්තය දිගේ සිහින දකින්නට //
ඇරයුම සොඳුරුයි නුඹම දුර ඇදෙයි
දෑස් මානයේම මා රදවා
අහිමි නෙතු අග ...//
ළඟින් සිටි නම් මගේ සුරඟන වන්නට
ඔබහට නැති ද වරම්
හිමිකම වෙනුවට තනිකම සොඳුරුද
ඇයි නුඹේ වන්නට මට තහනම්
අහිමි නෙතු අග ...//