ගී පද
අහිමි කලත් ලොව මට පෙම් බැඳි ඔබ
නොනිමි සෙනෙහසට බැමි තනවා
අහිංසකයි ඔබ කුමක් කරන්නද
තනි වෙන්නම් කඳුලැලි සඟවා
තනි වෙන්නම් කඳුලැලි සඟවා
ශෝක තැවුල් සංතාප නොවෙන්නයි
කුළුඳුල් සෙනෙහස විවර කලේ....//
දහසක් පැතුමන් සිත ගවසාගෙන
මෙයටද අප ආදරය කලේ
අහිමි කලත්....
හුදෙකලාව මා සිටි බව දැනගෙන
අනුවන යයි ලොව පවසාවී....//
මා මල දවසේ මගේ සොහොන් කොත
පිවිතුරු සෙනෙහස පවසාවී
අහිමි කලත්....