අහිමි කලත් ලොව මටahimi kalath lowa mata

Ahimi Kalath Lowa

Lyrics

අහිමි කලත් ලොව මට පෙම් බැඳි ඔබ 
නොනිමි සෙනෙහසට බැමි තනවා 
අහිංසකයි ඔබ කුමක් කරන්නද 
තනි වෙන්නම් කඳුලැලි සඟවා 
තනි වෙන්නම් කඳුලැලි සඟවා 

ශෝක තැවුල් සංතාප නොවෙන්නයි 
කුළුඳුල් සෙනෙහස විවර ක⁣ලේ....// 
දහසක් පැතුමන් සිත ගවසාගෙන 
මෙයටද අප ආදරය කලේ 

අහිමි කලත්.... 

හුදෙකලාව මා සිටි බව දැනගෙන 
අනුවන යයි ලොව පවසාවී....// 
මා මල දවසේ මගේ සොහොන් කොත 
පිවිතුරු සෙනෙහස පවසාවී 

අහිමි කලත්....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.