ගී පද
මගෙ සිහිනේ සිත්තම් රූ නාරී
මසිතේ ඇඳුනා සේයාවී
මෘදු දෑතේ වෙලී
දඟ කෙහෙරැල්ලේ පැටලී
මා මිදුනා දැහැනින් මට නොදැනී.. හිමිකාරී
ශෘන්ගාරී කටකාරී මගෙ ලෝකේ සිරියාවී
මුළු සසරේ මගේ වේවී රූ නාරී
නෙතු නොපියා කොඳුරාවී
මගෙ තුරුලේ සැතපේවී
සුර ලෝකේ සුරඟනාවී.. සේයාවී
වදනින් රහසින් පවසාවි රන් දෙතොලින් හාදු දේවි
ඔබෙ නයනේ කෝල බැල්මෙන් රූ නාරී
ලය උණුහුම් සුව දේවී
මගෙ හැඟුමන් පුබුදාවි
ඔබ සිහිනෙන් එනවාදෝ.. සේයාවී