අහම්බෙන් විත් දැවටිලා 2 (රූ නාරී)ahamben with dhaewatilaa 2 (ruu naarii)

Ahamben With Dhawatila 2 (Roonari)

Music:
ශේන් ඩොමිනික් (ඩොම්ස්)sheen dominik (doms)
Lyrics:
ශානු ප්‍රවීන්shaanu prawiin

Lyrics

මගෙ සිහිනේ සිත්තම් රූ නාරී 
මසිතේ ඇඳුනා සේයාවී 
මෘදු දෑතේ වෙලී 
දඟ කෙහෙරැල්ලේ පැටලී 
මා මිදුනා දැහැනින් මට නොදැනී.. හිමිකාරී 

ශෘන්ගාරී කටකාරී මගෙ ලෝකේ සිරියාවී 
මුළු සසරේ මගේ වේවී රූ නාරී 
නෙතු නොපියා කොඳුරාවී 
මගෙ තුරුලේ සැතපේවී 
සුර ලෝකේ සුරඟනාවී.. සේයාවී       

වදනින් රහසින් පවසාවි රන් දෙතොලින් හාදු දේවි 
ඔබෙ නයනේ කෝල බැල්මෙන් රූ නාරී 
ලය උණුහුම් සුව දේවී 
මගෙ හැඟුමන් පුබුදාවි 
ඔබ සිහිනෙන් එනවාදෝ.. සේයාවී 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.