ගී පද
ආදරෙයි හැමදාම කියා
මා හිත රැදිලා
ඇයි ගියේ නොකියාම ඔයා
සාගරයත් හැඩුවා //
නුඹේ සුවඳ නැති රෑ පුරා
පාළුයි ඉන්නම බෑ දරා
මගේ දෙනෙත් කඳුළින් තෙමා
රහසේ යන්න ගියා
මහදේ සුසුම් තියා
ආදරෙයි හැමදාම ....
සිහිනෙන්වත් ඔබ එයි කියා
බලාන උන්නේ රෑ පුරා
මගේ දෙනෙත් කඳුළින් තෙමා
රහසේ යන්න ගියා
මහදේ සුසුම් තියා
ආදරෙයි හැමදාම ....