ගී පද
ආදරේ මල් අතින් අරගෙන හිටියදා හිනැහී
මීදුමේ සුදු තුෂර බිඳුවක දැවටිලා රැවටී
නිල් විලෝ තුරු යටින් ඇවිද ගිය සුළඟේ එතී
සුන්දරම මල් උයන ඔබත් නැති ගිම්හානයක් වී
ඔබට අමකත ඈත දවසක බැන්ද පෙම මිහිරී
වින්ද කරදර හිතින් බොහොමැයි දන්නවද සොඳුරී
ඔබේ ආදර ඉවුරු දෑලේ කඳුළු දිය ඉහිරී
එදා වගේම අදත් ඒ ගඟ ගලා යයි නොබෙදී
හිතට තනිකම මකාලන්නට ආදරෙන් ළංවී
වෙන්ව යන්නද හමු වුණේ ඔබ කියන් මට කිඳුරී
මවා ආදර කඳුළු දෑසේ සිහිනයේ පැටලී
බිඳුණු හදවත නොරිදවා ගමි සිහින දොර නැවතී
ආදරේ මල් ....