ආදරේ මල් අතින් අරගෙන හිටියදා හිනැහීaadharee mal athin aragena hitiyadhaa hinaehii

Adare Mal Athin Aragena Hitiyada Hinahi

Lyrics

ආදරේ මල් අතින් අරගෙන හිටියදා හිනැහී
මීදුමේ සුදු තුෂර බිඳුවක දැවටිලා රැවටී
නිල් විලෝ තුරු යටින් ඇවිද ගිය සුළඟේ එතී
සුන්දරම මල් උයන ඔබත් නැති ගිම්හානයක් වී

ඔබට අමකත ඈත දවසක බැන්ද පෙම මිහිරී
වින්ද කරදර හිතින් බොහොමැයි දන්නවද සොඳුරී
ඔබේ ආදර ඉවුරු දෑලේ කඳුළු දිය ඉහිරී
එදා වගේම අදත් ඒ ගඟ ගලා යයි නොබෙදී

හිතට තනිකම මකාලන්නට ආදරෙන් ළංවී
වෙන්ව යන්නද හමු වුණේ ඔබ කියන් මට කිඳුරී
මවා ආදර කඳුළු දෑසේ සිහිනයේ පැටලී
බිඳුණු හදවත නොරිදවා ගමි සිහින දොර නැවතී

ආදරේ මල් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.