ආදරයද මේaadharayadha mee

Adarayada Me

සංගීතය:
අරුණ ගුණවර්ධනaruna gunawardhhana
පද රචනය:
ජානක සිරිවර්දනjaanaka siriwardhana

ගී පද

ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ  
බැසයන හිරු අඩැසි සඳට රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා

හිත් දැහැනේ වෙලී තිබුණු 
නෙත් දැහැනේ ගලා හැලුණු 
මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ 
හිරු රහසේ කියා දුන්න ආදරයද මේ

නිල් කටරොළු නිල නැහැවුන
මල් දළ මුදු සුව රැඳවුන
තොල් පෙති කල් හල ගාලන ආදරයද මේ 
නුඹ රහසේ කියා දුන්න ආදරයද මේ 

ගිමන් හරින දියඹ දිගේ.......