Lyrics
ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ
බැසයන හිරු අඩැසි සඳට රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා
හිත් දැහැනේ වෙලී තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ
හිරු රහසේ කියා දුන්න ආදරයද මේ
නිල් කටරොළු නිල නැහැවුන
මල් දළ මුදු සුව රැඳවුන
තොල් පෙති කල් හල ගාලන ආදරයද මේ
නුඹ රහසේ කියා දුන්න ආදරයද මේ
ගිමන් හරින දියඹ දිගේ.......