ගී පද
ආදර සුවඳක් දැනුනා මංගල මුද්දේ
නොකියූ රහසක් තිබුණා නෙත් අග බැල්මේ
නෑ හිත මිතුරන් සමගින් පෝරුව මුදුනේ
අපි දෙදෙනා එක්විය මංගල ගී හඬ මැද්දේ//
දෙමාපියන් ඔබව හදා වඩා ලොකු කළේ
දුක් සැප දෙක නිතරම අපටමයි කැපකළේ
දුවේ පුතේ ඔතැන් පටන් ඔබ දෙදෙනාගේ
අනාගතය භාර කරමු අත දෙවිඳුන්ගේ
ආදර සුවඳක් දැනුනා...
පිවිතුරු ප්‍රේමය කවදත් ලොව ජයගන්නේ
කූඩු තනාගන්නට යන්නට සැරසෙන්නේ
සතුටු කඳුළු දෙනෙත් වලට පිරුණත් මෙදිනේ
රැකදෙන් අප දරුවන් නිතරම දෙවිඳුන්නේ
ආදර සුවඳක් දැනුනා...