ආදර සුවඳක් දැනුනාaadhara suwandak dhaenunaa

Adara Suwandak Danuna

Lyrics

ආදර සුවඳක් දැනුනා මංගල මුද්දේ 
නොකියූ රහසක් තිබුණා නෙත් අග බැල්මේ 
නෑ හිත මිතුරන් සමගින් පෝරුව මුදුනේ 
අපි දෙදෙනා එක්විය මංගල ගී හඬ මැද්දේ//

දෙමාපියන් ඔබව හදා වඩා ලොකු කළේ 
දුක් සැප දෙක නිතරම අපටමයි කැපකළේ 
දුවේ පුතේ ඔතැන් පටන් ඔබ දෙදෙනාගේ 
අනාගතය භාර කරමු අත දෙවිඳුන්ගේ 

ආදර සුවඳක් දැනුනා...

පිවිතුරු ප්‍රේමය කවදත් ලොව ජයගන්නේ 
කූඩු තනාගන්නට යන්නට සැරසෙන්නේ 
සතුටු කඳුළු දෙනෙත් වලට පිරුණත් මෙදිනේ 
රැකදෙන් අප දරුවන් නිතරම දෙවිඳුන්නේ 

ආදර සුවඳක් දැනුනා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.