ගී පද
ආදර අඹරෝරෙදි
ඔබ මා මග හැර ගිය දා …
කදුලැලි සයුරෝරෙහි
කාලය ගිලී ගියා …
මේ සදකැල්මවත් …
මගේ දුක දැක්කා නම් …එදා …
විදවන්න තිබුනා …
මට ඔබ සිහිකර මෙදා …
ආශාවරී ඔබේ නම පවා …
මියුරුයි කියා …
සිතුවත් එදා …
ආශාවරී ඔබ ඒ තරම් …
වියරුයි කියා …
සිතන්නටවත් මට බෑ මෙදා …
ලස්සන දවසක
හවසක හමුවී
ඒ විසිතුරු උයනේ …
උණුසුම විද විද
සුවසේ පෙරලී
හිද මා …තුරුළේ …
හිනැහුනු තරමට …ඔබගේ … …
ගත මා ළගමුත්
හිත් ඈතක බව නම් නෑ දැනුනේ …
ආශාවරී ඔබේ නම පවා …
මියුරුයි කියා …
සිතුවත් එදා …
ආශාවරී ඔබ ඒ තරම් …
වියරුයි කියා …
සිතන්නටවත් මට බෑ මෙදා …
අවරට යන
හිරු සද වාගෙමද
මා දුටුවේ …
වෙරළට එන රළ ආපසු යන බව වත්
නෑ දුටුවේ …
පහසම..
පමණද …
පැතුවේ …
මා අත අත්හැර.. අතින් අතට යනෙනා …
ලදුනේ …
ආශාවරී ඔබේ නම පවා …
මියුරුයි කියා …
සිතුවත් එදා …
ආශාවරී ඔබ ඒ තරම් …
වියරුයි කියා …
සිතන්නටවත් මට බෑ මෙදා …