ආදර අඹරෝරෙදිaadhara ambarooredhi

Adara Ambaroredi

Lyrics

ආදර අඹරෝරෙදි
ඔබ මා මග හැර ගිය දා ‍…
කදුලැලි සයුරෝරෙහි
කාලය ගිලී ගියා ‍…

මේ සදකැල්මවත් ‍…
මගේ දුක දැක්කා නම් ‍…එදා ‍…
විදවන්න තිබුනා ‍…
මට ඔබ සිහිකර මෙදා ‍…

ආශාවරී ඔබේ නම පවා ‍…
මියුරුයි කියා ‍…
සිතුවත් එදා ‍…
ආශාවරී ඔබ ඒ තරම් ‍…
වියරුයි කියා ‍…
සිතන්නටවත් මට බෑ මෙදා ‍…

ලස්සන දවසක
හවසක හමුවී
ඒ විසිතුරු උයනේ ‍…
උණුසුම විද විද
සුවසේ පෙරලී
හිද මා ‍…තුරුළේ ‍…
හිනැහුනු තරමට ‍…ඔබගේ ‍… ‍…
ගත මා ළගමුත්
හිත් ඈතක බව නම් නෑ දැනුනේ ‍…

ආශාවරී ඔබේ නම පවා ‍…
මියුරුයි කියා ‍…
සිතුවත් එදා ‍…
ආශාවරී ඔබ ඒ තරම් ‍…
වියරුයි කියා ‍…
සිතන්නටවත් මට බෑ මෙදා ‍…

අවරට යන
හිරු සද වාගෙමද
මා දුටුවේ ‍…
වෙරළට එන රළ ආපසු යන බව වත්
නෑ දුටුවේ ‍…
පහසම..
පමණද ‍…
පැතුවේ ‍…
මා අත අත්හැර.. අතින් අතට යනෙනා ‍…
ලදුනේ ‍…

ආශාවරී ඔබේ නම පවා ‍…
මියුරුයි කියා ‍…
සිතුවත් එදා ‍…
ආශාවරී ඔබ ඒ තරම් ‍…
වියරුයි කියා ‍…
සිතන්නටවත් මට බෑ මෙදා ‍…

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.