ගී පද
අභිසාරිකාවන්ගේ
උන්මාද නෙතු අතරේ
අයාලේ ගිය ජීවිතේ
ඔබෙනි ඵල ගැනුනේ
රාග ගිනි ජාලාවේ
ප් රේමයේ උණුසුම් සුසුමේ
වෙනස ඔබෙනි දැනුනේ
අයාලේ ගිය ජීවිතේ
ඔබෙනි ඵල ගැනුනේ
ආදරය යන වදනේ
මනු ලොවේ මිනිසත් භවයේ
මහිම ඔබෙනි හැඟුනේ
අයාලේ ගිය ජීවිතේ
ඔබෙනි ඵල ගැනුනේ