Lyrics
(වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්..
හැඩූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම්)...//
ඉවුරු දෑලේ හිද බැලූ විට
ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගගුලම
බිහිසුනුයි චණ්ඩයි
වියෝ වූ පසුවයි.../
හඳක් නැති දා අහස් තලයට
තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්
වියෝ වූ පසුවයි...//