වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ - weda karala iwara nomethawaeda karalaa iwara nomaetha dhewiyanee - weda karala iwara nometha

වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ - weda karala iwara nometha

Lyrics

වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ 
මොකටද මා දුප්පත් වී ඉපදුනේ 
වැරදුනාම කෝටු පාර වදිනවා 
බඩු කැඩුනොත් පඩියෙන් අඩු කරනවා 
වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ 

දන්නෙ කවුද තමන්ගෙ දුක මිස තමන්
කන්න බොන්නෙ වැඩකට යන එන ගමන්//
වෙහෙස වෙලා රැ දොළහට ඇලවුනා
උදේ පහට ආයෙත් මා පිබිදුනා

වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ...

සැපට හදයි බලු පැටියෙක් හරි සැරයි
නෝනා ඌට මාට වැඩියෙන් ආදරෙයි//
ඇස් රතු වී දුක් කඳුළක් බේරුනා
රස්සාවේ හැටි දැන් මට තේරුනා

වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.