වසන්තේ නිදා වුන්wasanthee nidhaa wun

Wasanthe Nidawun

Lyrics

වසන්තේ නිදා වුන් යොවුන් කෝකිලාවන්
ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේදී 
වසන්තේ ලපැල්ලෙන් වැසී උන් කුසුම් දැල්
නටන්නේ පිපී දැන් හේමන්තයේදී......

විලාපෙන් විඩාවී රැඳී මං තලාවේ
වැසී අන්ධකාරෙන් වැටී මං‘ මුලාවෙන්
වලාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ
ඔබෙන් නෙත් ලැබුවේ හේමන්තයේදී......

සුසුම්ලා දිවා රෑ වෙලී හුදකලාවේ
එපා වී සියලුලෙන් පලා ආ වෙලාවේ
තුෂාරෙන් උදාවූ සඳක් සේ නිෂාවේ
ඔබයි නෙත් සැදුවේ හේමන්තයේදී.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.