Lyrics
(වාරු නැගෙන් සිත වීරිය එන්නට
අතුරේ යනෙනා ගමනේ
හීන් සේරුවේ පහල බසින් පුත
ගොම්මන් අඳුරයි මග එන්නේ.....//)
(මලේ කඳුළු වැල් සිතේ කඳුළු බිඳු
නිරතුරු දෑසින් මතු වෙන්නේ......//)
සිතේ තියෙන දුක නෙතින් දරාගෙන
කවදා සැනසුම් ලැබගන්නේ......
වාරු නැගෙන්.....
(මව්පිය දෑතේ සවිබල සිඳිලා
ජීවිතයේ මේ සැන්ඳෑ යාමේ.....//)
සුහුඹල් දෑතට වරම් ලැබීයන්
පෙරුමන් පුරනා සංසාරේ.....
වාරු නැගෙන්.....