තරු වියනට යටින් පිපෙනtharu wiyanata yatin pipena

Tharu Wiyanata

Lyrics

තරු වියනට යටින් පිපෙන
සීතල පිනිවලට තෙමෙන 
සේපාලිකා මලක සුවද
කවි සිතකට මනරම්
මහපොලොවට දිය නොදුන්න 
රලු අහසත් පිනි කදුලත්
අප්පච්චිට සරදම්

අරුණලු ගෙනෙන හිරුට 
සිතිජය සිබින හිරුට 
ලියනා කවි සිතිවිලි මොකටද මන්දා
අප්පච්චිගේ හිත පුච්චන 
දුප්පත් අපට උරුම 
නියගෙට සෙත් කවි නෑ ලියලා

ජීවන ගමන සදන 
කටු අග මල් පුබුදන
කාටත් දුක නැතිවට මට දුක හින්දා
අප්පච්චිගේ හිත සනසන
මේ ගී මල් හසරැලි
ඉමිහිරි සෙත් කවියක් වේවා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.