තරහින් අහක බලා ඔබ නොදොඩා යනවා - tharahin ahaka balatharahin ahaka balaa oba nodhodaa yanawaa - tharahin ahaka bala

තරහින් අහක බලා ඔබ නොදොඩා යනවා - tharahin ahaka bala

Lyrics

තරහින් අහක බලා ඔබ නොදොඩා යනවා 
හෙට දවසේ යලි හමුවී ඔබ මා සනසනවා 
දෙනුවන් කැල්ම හෙලා ඔබ හිනැහී දොඩනා 
ඒ වදනේ මා බැඳිලා තව ආදරේ වෙනවා 

පෙම් හසරැල් සඟවන් මුහුණේ 
නැගෙනා මොහොතේ ඔබගේ
මා සැනසුම් සුසුමන් හෙලුවා 
ඔබ හා බැඳිලා රහසේ 
ඩිංගක් විහිළු කලා 
ඇයි මේ තරහ වෙලා 

තරහින් අහක බලා 

ළං වුනොතින් මොහොතක් ඔබගේ 
සුවඳේ රැඳිලා මසිතේ 
දුක් වියවුල් නිවෙමින් දැනුණා 
සහනේ ඔබගේ සෙනෙහේ
ඩිංගක් විහිළු කලා 
ඇයි මේ තරහ වෙලා  

තරහින් අහක බලා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.