Lyrics
සුවඳයි මල් සුවඳ සේ
මිහිරියි මී පැණි වගේ
ජීවත් වෙන්න ආසයි
හැමදාම හිමිදිරිය සේ
මල් පියලි විසිරෙන වගේ
රොන් සුවඳ සුළඟට දැනේ
නැහැ පුඩුව සිනිදුයි ඒ සුවද පුරුදුයි
මලු කැකුළු පූදින්න වාගේ
සුවඳයි මල් සුවඳ ....
දිය කඩිති නිල්බර වුණේ
පොඩි තිත්ත පැටවුන්ටනේ
අල්ලන්න ආසයි උන් එක්ක යාළුයි
පීනන්න දිය කඩිති ගානේ
සුවඳයි මල් සුවඳ ....