සුපුන් සඳක් නැගීලාsupun sandak naegiilaa

Supun Sandak Nageela

Music:
ෂෙල්ටන් ප්‍රේමරත්නsheltan preemarathna
Lyrics:
ශ්‍රී නිහාල් ඒ. ජයසිංහshrii nihaal ee. jayasinha

Lyrics

සුපුන් සඳක් නැගීලා
කිරි බැබලෙන පාරුවේ
රිදී කඳක් ගලාලා
පළිඟු පුළින තලාවේ
සුපුන් සඳක් නැගීලා

(නලවන තුරුල්ලටයි
රළ පෙළ ඇදෙන්නේ
සුව දෙන කැදැල්ලටයි
අත් තටු සලන්නේ...//)

සුපුන් සඳක් නැගීලා......

(ආදර දියඹ යටයි
මිණි මුතු දිලෙන්නේ
දිවි රස තාලයටයි
පෙම් රළ රඟන්නේ...//)

සුපුන් සඳක් නැගීලා......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.