සිළුමිණ සෑය වඳිම්silumina saeya wandim

Silumina Seya Wandim

Lyrics

සිළුමිණ සෑය වඳිම්, රම්‍ය තව්තිසා භවනේ
සිළුමිණ සෑය වඳිම්, රම්‍ය තව්තිසා භවනේ
පතමින ශාන්ත අමා, සුන්දර සම්පත් නිවනේ

ගලනා මිණි කඳ සේ, නිල් සිසිල් ජලෙන් හොබනා
ගලනා මිණි කඳ සේ, නිල් සිසිල් ජලෙන් හොබනා
ලංකාර වූ අනෝමා, හා.... ලංකාර වූ අනෝමා
ගංඟා තීරේදී එදිනා

සිරිමත් සිරි සිදුහත්, කපාලා තමන් හිසකේ
සිරිමත් සිරි සිදුහත්, කපාලා තමන් හිසකේ
තමන්.... හිසකේ....
සිරිමත් සිරි සිදුහත්, කපාලා තමන් හිසකේ
මම මතු බුදු වේ නම්, රැඳේවයි සිතා ගුවනේ

අහසේ දැමූ එලෙසා, සක් රජුන් මහත් තෙදිනා
රැගෙනා සන්තොසිනේ, රම්‍ය තවුතිසා භවනේ
සිළුමිණ සෑය සදා, කේසදා නිදන් කරලා 
සෑමා අමුද ගෙනා, ආ.... සෑමා අමුද ගෙනා
තුම් නිවන් පතා වඳිනේ

සිළුමිණ සෑය වඳිම්, රම්‍ය තව්තිසා භවනේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.