සිහිනයට තරම් තටු නෑ මට නම් - sihinayata tharamsihinayata tharam thatu nae mata nam - sihinayata tharam

සිහිනයට තරම් තටු නෑ මට නම් - sihinayata tharam

Lyrics

සිහිනයට තරම් තටු නෑ මට නම් 
පියඹන්න අරන් නුඹ අහසේ
ආදරය තරම් සියුමැලි මනරම් සිහිනයක් තියේවිද ලොකේ 

කදු හිස් මුදුන් කර තරු ලකුණු වැටෙනා අතර
සිත නුඹව සොයා වළා බැම්මෙන් ඉගිල යයි ලොව නිදනා අතර

සයුරක් වී වැතිර නුඹ සරලි නගනා අතර 
කිරිසිනා ගඟත් මියුරු ලෝකෙන් අරන් යයි
ඉන්නවාද ඇහැර

සිහිනයට තරම් 

කදුලක් ළඟට දුර තව දුරස් කලේ නුඹය
වැහි ඇල්ලක් වගේ සොදුරු සිහිලක් ගෙනා මට
ජීවිතයේ කතර

සෙනෙහස් සිහින මල් හැම සැබෑ කෙරු සසර
නුඹ සදකි රුවන් කුමුදු යායක් පුබුදු කර
මා හද කල සුවද 

සිහිනයට තරම්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.