Lyrics
සෞම් යවන්තියේ සිත සනසනා
පුණ් යවන්තියේ පින් පල දෙනා
රූපවන්තියේ රස කළඹනා
ප් රේමයද මේ කිව මැනා
ප් රේමයද ගංගාවකී
සෞම් ය සඳ එළියේ එතී
සඳ බැස ගියත් සඳ නොනවතී
සාගරය හා වෙළී යතී
පාළුවද සඳ එළියකී
රම් ය ජීවිතයේ එතී
ළඟ නැති උනත් සිත ළඟ ඇතී
ආදරේ භාවනාවකී