Lyrics
සත් සියක් කපු මල් රැගෙන මම
සත් සියක් සුදු කෙඳි රැගෙන මම
සත් සියක් කපු පිළි වියන මම
සත් සියක් දෙන පළඳිතේ...////
සත් සියක් කපු මල්...
සත් සියක් රත්මල් රැගෙන මම
සත් සියක් රත් හුය රැගෙන මම
සත් සියක් මල් දම් ගොතන මම
සත් සියක් ගෙල පළඳිතේ...////
සත් සියක් රත්මල්...
සත් සියක් මායා බෙලෙන් මම
සත් සියක් බන්ඳන බෙලෙන් මම
සත් සියක් සක්වල සොයා මම
ගන්වු කුමරුන් ලඟ එතේ...////
සත් සියක් මායා බෙලෙන්...