Lyrics
සඳවන් රුවින් සාර
ආශා හැගුම් ගේන
තරුවන් නුවන් වාර
නාරී ගමන් තාල
දුටුවන් වශී වූව
ශෝබා වතින් කෝල
නෙක මල් පැතුම් හීන
සේයා ළඳුන් ගේන
නෙත් යාය මත් වීය
සිත බෝම ගැස්සීය
දුටුදා ළඳුන් රෑන
දෙව්ලොව මතක් වීය
ශෘංගාර රෑ පේන තරු සේම දිස්වීය
යනෙනා ගමන් තාල ගෙන දෙයි
හැගුම් ලෝල...//
ඉඟ සු ඟ පා සුරගන රූ වත
උතුරන ආශා රෑ පුරා
රූ වරුණා කලඹන මේ සිත
ඉඟ සු ඟ පා වත මල රූ බර
නෙත් යාය...//
රූ නාරියේ...
ඉඳුරන් සිත්තමේ...
මා මන කලඹනා...
තරු ආකාසේ රෑ තරු වාගේ
වත දිදුලනා..
නෙත් යාය...//