සඳ කිරණින් පහස ලබා පුබුදින කුමුදුsanda kiranin pahasa labaa pubudhina kumudhu

Sada Kiranin Pahasa

Lyrics

සඳ කිරණින් පහස ලබා පුබුදින කුමුදු
මවකගෙ උණුසුම ලබමින් තුරුලෙ වෙසෙන පුතු
අනාගතය දෙස එබිකම් කරල බලන පුතු
ඔබෙ දෑතට මසුරන් වැහි වහිනවාලු පුතු
සඳ කිරණින් පහස ලබා පුබුදින කුමුදු

සිතට සිතයි එක මනසයි ලබා උපන් පුතු
රන් කිරි කට ගෑ දවසෙදි හිනා උනා පුතු 
තුන්ලෝකෙම එකම පුතා ඔබයැයි මට සිතු
සිහල රටෙ සිහල බිමේ රජ කරපන් පුතු

පෙර කාලෙක බුදු වරයෙක් පහල වීය පුතු
ඒ දෙසු ධර්මය තවමත් පවතිනවා පුතු
එයයි ඔබේ ආගම රැක ගන්නට දිනු පුතු
ජාතිය නොමගට යා නොදි රැකගන් මා පුතු

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.