Lyrics
රෝස මලට කියනවාද මා මියගිය බව
කියන් නෙපා රෝස ගහේ කටු විසවුනු වග //
මල වටකර කටු සැදුනේ පෙති රකින්න නම්
තරහගන්‍නේ කොහොමද අතු ඉතිත් එක්ක මං
මල වටකර කටු සැදුනේ පෙති රකින්න නම්
තරහගන්‍නේ කොහොමද අතු ඉතිත් එක්ක මං //
රෝස මලට ....
මගෙ සොහොනට ආවොත් ඈ අවසර විගසින්
කියන්න මං පෙම්කල බව රෝස ගහ තරම්
මගෙ සොහොනට ආවොත් ඈ අවසර විගසින්
කියන්න මං පෙම්කල බව රෝස ගහ තරම් //
රෝස මලට ....