Lyrics
හීනයක් වගේ මට මගේ ජීවිතේ
සුන්දරයි ඔබේ නෙතින් කියූ ආදරේ
කෙසේ කියම්දෝ මේ ආදරේ
(මගේ වේ මගේම වේවී සෑමදා ජීවිතේ.....//)
දුර ඈත තනිවී සිටියේ මා
කවදා හිමි වේදෝ සිතුවේ මා
නොවිඳිනා දුක් වින්දේ ඒ නිසා
(ආදරෙයි ආදරෙයි මියෙනා තුරා.......//)
සසරේ සොඳුරු මතක මැවෙයි සදා
ඔබ දුන් ඒ ජීවිතේ මගේ නිසා
සැනසුමක් මට දැනුනේ ඔබ නිසා
(ආදරෙයි ආදරෙයි මියෙනා තුරා.......//)
හීනයක් වගේ......