රන්වන් නුවන් දැල්වීලාranwan nuwan dhaelwiilaa

Ranwan Nuwan Dalwila

Music:
කලිඳු වීරසිංහkalindu wiirasinha
Lyrics:
කුලරත්න අරියවංසkularathna ariyawansa

Lyrics

රන්වන් නුවන් දැල්වීලා සන්සුන් හැඟුම් සුන් කළා
කවුරුදෝ මා කවුරුදෝ මා කවුරුදෝ මා හදේ හැංඟිලා...

(මායා සිනා දැල්විලා ආරාධනා එයි ගලා...//)
මේ රෝස උද්‍යානයේ ආශා බිඟුම් පියා සලා
කාගේදෝ ආදරේ දැවටිලා...

(පායා දිලී තාරකා චායා සැලී පාවෙලා...//)
මේ පාලු වූ තීරයේ පෙම් හැඟුම් මංමුලා වෙලා
ජීවිතේ මී බඳුන් ඉහිරිලා...

රන්වන් නුවන් දැල්වීලා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.