පුතේ කියා තුන්තිස්පැය ...puthee kiyaa thunthispaeya ...

Puthe kiya thunthispaya

Album
පුතේ කියා තුන්තිස්පැය ...
Music:
නවරත්න ගමගේnawarathna gamagee
Lyrics:
විජය නන්දන පෙරේරාwijaya nandhana pereeraa

Lyrics

පුතේ කියා තුන්තිස්පැය 
හද සනහා පෙමිනේ 
මෙතේ සිතින් නුඹ විතරයි 
මගේ තනියට හිටියේ 

ගතේ රුහිරු හිඟ විය 
රස කිරි දී කුසගින්නේ  
සතේ සතේ එක්කර 
නුවණැස පාදා දුන්නේ 
ඇසේ   කඳුළකුදු  නොතියා 
රහසිනි නුඹ හැඬුවේ 
බසේ වචන මදි නුඹේ ගුණ 
කීමට මට අම්මේ 

සෙවනැල්ලත් මා හැරගිය 
අවා අන්ධ අඳුරේ 
වැලපිල්ලත් අහිමි වුණා
මං වැරදුණ කතරේ 
හසරැල්ලක්  නො දැකම ආ 
මේ දිගුදුර ගමනේ 
සැනසිල්ලක් ඉතිරි වුණේ 
නුඹේ පපුතුරෙ  පමණේ  

පෙම්මාදර  තෙපුළක් නෑ 
දැවටෙන්නේ සවනේ 
නිම්මා නැති දුක් ගිනිමයි 
ඇවිලෙන්නේ හැමතේ 
වැම්මෙයි කඳුළැලි දෑසින් 
සාගර දිය කඳ  සේ
සාගර දිය කඳ  සේ 

අම්මේ මා මිය ඇදුණා 
නුඹේ මරණය දවසේ 

අම්මේ මා මිය ඇදුණා 
නුඹේ මරණය දවසේ  

***********************************


      

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.