Lyrics
(පුංචි පුතු මගේ
ඉරයි සඳයි වගේ
සිඳී නොයේ සදා රැඳේ
ඒ සිනා මුවේ) ...//
සංසාරයේ ආ - සෙනෙහේ බැඳීමයි
මේ ආත්මයේ බැඳුනේ
මා ජීවිතේහී - ප්‍රාණේ පුතාමයි
නෑ වෙන්නොවී ඉන්නේ
මා හදේ නුඹේ - ජීවයයි පුතේ
පුංචි පුතු මගේ...//
අම්මා තුරුලේ - උණුසුම් සුවයේ
සිහිනෙන් සිනාසෙන්නේ
දිව්‍යාංගනා දෝතින් ගෙනා ඒ - ප්‍රාර්ථනා නුඹගේ
මා ලොවේ පැතූ - උරුමයයි පුතු
පුංචි පුතු මගේ...//