Lyrics
පෙරත් කලෙක - රූ සිරිනි විපුල
නරගනක් ගමන් හිටියා…//
රත් පියුම් සදිසි මුව වසන් ලෙලෙන
රුව අදුන්ය මිණි නයනා…//
මතින් උඩගු සිත ගතින් දැඩිව
පැතු පැතුම් බිදී හැලුනා
නමින් සොබනී ඇගේ පුවත් මෙදින
ඔබ අසන් මෙලෙස වරුණා….
කළොත් වැඩක් හෙම - මෝඩකමින්මය
හැමෝම දැන සිටියා…//
ගෙනෙන්ට නාඹර ඇඹේනියක් ඉත
සිතින් පතයි ගමයා…//
අකාල කරුමෙට - නැතේ ළදක් බහ
දෙන්ට ගමේ කොතැනා
ලොලේ වඩන - රග සබේ සතනි
සොද බලනුය තුටු සිතිනා…//