Lyrics
පෙම්බර මා පුතණුවනේ - නුඔ සිටි සුර ලොව කොතැනේ
හෙළ දෙරණට පුතු ආවේ - පෙර මහ පින් කළ බැවිනේ
බාලොලි ලොලි බිළිදු පුතේ - බාසුරු වන් බුහුටි පුතේ
පායන හිරු සදිසි පුතේ - පායන හිරු සදිසි පුතේ
රට භාරයි නුඔට පුතේ
මහ පැරකුමි නුඔයි පුතේ - දුටුගැමුණුත් නුඔයි පුතේ
මගේ සිහිනය නුඔයි පුතේ- මද්දුම බණ්ඩාර පුතේ