ඔය මුවේ හසරැල් සොයාoya muwee hasarael soyaa

Oya Muwe Hasarel Soya (Spandana Movie)

Music:
උදය ශ්‍රී වික්‍රමසිංහudhaya shrii wikramasinha
Lyrics:
නන්දන වික්‍රමගේnandhana wikramagee

Lyrics

ඔය මුවේ හසරැල් සොයා මේ සිත ඇදෙනවා 
ඔය සිතේ රහසක් ලියා මා ලඟ ඉන්නවා
මං දන්නවා ලඟ ඉන්නවා
අපේ ආදරේ සුව විදිනවා

නීල ඔය දෑස මගේමයි කියා කීවා මතකයි එදා
හීන මැව් දෑස ඔබ ලඟ තියා 
තුරුළේ මං ඉන්නවා
හද සාගරේ ආශා මැව් මේ ආදරේ

ඈත කඳු යායේ සිසිලස සොයා යමුද අපි පියඹලා
සීත නොදැනෙන්නේ ඔබ ලඟ නිසා 
ඉන්න තව ලං වෙලා
හද සාගරේ ආශා මැව් මේ ආදරේ 

ඔය මුවේ හසරැල්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.