Lyrics
ඔබත් සිතනවා මමත් සිතනවා
නෙතින් නෙත බලා ලවන් ගොළු වෙලා
අපේ සිතුම් අපේ පැතුම්
(නුවන් තුලින් දෙදෙනා දුටුවාදෝ....//)
විදු පියසේ තුරු ගොමුවේ දඟ වයසේ ලං වූයේ
සිනා පොදක් ඔබ මා වෙත පෑදා
සෙනේහයේ මල් මා හද පිපුණා.....
ඔබත් සිතනවා......
යෞවනයේ ආදරයේ අප බැඳුනේ ඇයි නොදැන
අතීතයේ දුටු ඒ අනාවක උනුන් මුලා වූ අනන්තයම වූ.....
ඔබත් සිතනවා.....