Lyrics
ඔබ දුටු මුල් දිනෙ මා සිත ඔබ වෙත පාවි ගියා ලඳේ
ආදරේ මා සිතේ පළමුවෙන් දැනුනා මාගේ හද පතුලේ
ඔබ මගේ කර ගන්නට මා සිත දැන් සිතමි දිවා රැයේ
ආදරේ නාමෙන් අපි දෙදෙනා දැන් එක්වි ඉමුද ලඳේ
මා සිත තුල දැන් ඔබ ගැන සෙනෙහස උතුරා යාවි ලඳේ
අපේ ආදරයේ මාවත මෙය වේ මාගේ ප්‍රිය ලඳුනේ
සැමදා වෙන් නොවි අපි දෙන්නා දැන් ඉමු මේ ආදරයේ
ඔබ මාගේ වි මා ඔබගේ වි ජීවන දිවි ගමනේ
ඔබෙ ආදර සිත මේ දැන් මා වෙත ලං වූවා ද ලඳේ
අපි දෙදෙනාගේ ආදර මංපෙත මෙයදෝ මගේ ලඳුනේ
සැමදා සතුටින් අපි දෙන්නා දැන් ඉමු මේ දිවි ගමනේ
ආදර සිත තුල අපි දෙන්නා දැන් තනි වෙමු ප්‍රිය ලඳුනේ
ඔබ දුටු මුල් දිනෙ මා....