Lyrics
විල් කුස මසුන්ද
දිය මත පියුම්ද
තැවි තැවී මග බලා ඉන්නවා
නිවාඩු කාලේ ඉවරයි...
වෙල් මඩ කරීන්ද
ඉපනැලි කොබෙයිද
සැඟවුණු තැන් හැර එබී බලනවා
නිවාඩු කාලේ ඉවරයි...
අඹ දඹ කජු මද
පුහුලන් කිරින්ද
ගොල්ලේ වැතිරී බලා ඉන්නවා
නිවාඩු කාලේ ඉවරයි...