නිල් අහස් ගැබෙන් රන්ඉර මලnil ahas gaeben ranira mala

Nil Ahas Gaben Ran Ira Mala

Lyrics

නිල් අහස් ගැබෙන් රන්ඉර මල දිලිසෙනා පැයේ
වැහි වළාකුලක් ඇවිදින් සඳ බොඳ ලා රැයේ
ඔබ සැඟවිලාම යන්න ගියා හීනයක් වගේ
මට ඉතිරි කලේ කඳුල ආදරේ //
ආදරේ .... ආදරේ .... රත්තරන් ආදරේ 
මට ඉතිරි කලේ කඳුල ආදරේ //

රන් පියුම් විලට පියාසලන හංසියක් වගේ
මගේ ජීවිතයම කවියක් කර නැවතුනා හදේ //
ඒ කවි සිත දුක්බර කඳුලින් පුරවනා මෙසේ
ඔබ ගියේ කිමද අදහනු බෑ හීනයක් වගේ
ආදරේ .... ආදරේ .... රත්තරන් ආදරේ 
මට අදහනු බෑ හීනයක් වගේ //

තව්තිසා ලොවින් හෙමින් බසින දෙව්ලියක වගේ
හද විමානයේ පහනක් වී බැබලුනා රැයේ //
හැමදාම තුරුලේ නැලවු ඔබ සෙමින් සීරුවේ
ඒ විමනම කළුවර කරගෙන සැඟවිලා ගියේ

නිල් අහස් ගැබෙන් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.