නෙතින් රශ්මි විදහාnethin rashmi widhahaa

Nethin Rashmi Widaha

Lyrics

නෙතින් රශ්මි විදහා
සඳ කැළුම් නෙතඟ දවටා
සුර ලොවින් පැමිණි නුඹ සදවතියේ
මා සනසනු මැන සැමදා
නිල් නුවන් ඔබේ කළඹා
මදහසින් මුවඟ සරසා
නිල් අහස් ගැබින්
මා කැඳවාගෙන යනු සුරලොව වෙත ඔබලා

නෙතු වැසුනු රාත්‍රියේ සැලුණු මා හදේ
දෙව්ලියන් රඟදෙනා
ඒ සසල තුරු වියන් සැලෙන මදනලින්
නෙත් පියන් ලංකළා //
සිහිනයේ

සුදු වලාපෙලක නැඟිලා
රන් රුවන් මැදුරු තනලා
ඒ සුපෙම් ලොවේ සඳවතිය වෙලා
මට දෙන්න එළිය සැමදා
මගෙ නෙතට කඳුළු අතුරා
මගෙ සිතට සුසුම් අහුරා
ඒ නිසල ලොවේ මා තනිකරදා
ඔබ යන්න එපා කිසිදා

තරු සේ දිලි දිලී
සඳු සේ කැලුම් දී
හිදිනා ජීවිතේ සිහිනයේ
හිදිනා ජීවිතේ සිහිනයේ //

නෙතු වැසුනු ....
නෙතින් රශ්මි ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.