Lyrics
නීල නෙතු යුග දිලෙන තරමට රහස මම දුටුවා
කෝළ බැල්මෙන් මුවඟ සිනහව ආදරෙයි කීවා
රෝස පාටින් දිලෙන දෙකොපුල හාදුවක් සෙව්වා
කොහේ සිට දෝ පැමිණියේ නුඹ මගේ සිත කීවා
තෙමුණු දෙතොලින් බේරි බේරී නුරා රස සොයනා
දුහුල් සළුවෙන් වෙලුනු ඉඟසුඟ සිතුවමක් මැවුණා
ගමන හැඩකර ගතම නළවන කිඳුරියක හැඟුණා
කොහේ සිට ඔබ පැමිණියේදෝ මගේ සිත කීවා
හවුළුවා සිත දැහැන් බිඳලා නුඹෙ රුවම සොයනා
සිහින ලොවකට ගෙන ගියේ මා නුඹෙ සුරතේ පටලා
සරාගී නුඹ ගියාදෝ අද මගේ සිත දවලා
කොහේ සිට දෝ පැමිණියේ නුඹ මගේ සිත සොයලා
නීල නෙතු යුග දිලෙන තරමට රහස මම දුටුවා
කොහේ සිට දෝ පැමිණියේ නුඹ මගේ සිත කීවා