නීල නෙතුniila nethu

Neela Nethu

Music:
නවරත්න ගමගේnawarathna gamagee
Lyrics:
රත්න ශ්‍රී විජේසිංහrathna shrii wijeesinha

Lyrics

නීල නෙතු උපුල් සලමින කෝල 
මදහසින් හිනැහෙන ගිරි දේවියේ
පාත වේදිකා කෙළවර 
කාත් කව්රුවත් නැති මම 
තාම පාළුවේ... තාම පාළුවේ......

රාව දී හඬයි උපුර තාලයට සැලෙයි අතු යුග
කාටදෝ නෙතඟ හීසර අනුරාවියේ
(ප්‍රේමවන්තයින් නොයනා ඉහල මාලයේ.....//)

නීල නෙතු උපුල්......

මා හදේ වැයේ වන්නම් තාන තම්දෙනා තානම්
මූණ මතක ඇතිනම් මගේ යන්තමට වගේ
(සාදයට නුඹට ඇරයුම් ගිරි දේවියේ......//)

නීල නෙතු උපුල්......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.