Lyrics
මුතු මැණික් එපා දියමන්ති එපා ඔබ මා ළඟ ඇතොත් ළදේ
තරු මිණත් එපා හිරු සඳුත් එපා ඔබ මා ළඟ නැතොත් ළදේ
බොරු කියන්නෙපා බොරු කියන්නෙපා උපමා තව පලක් නැතේ
හිත් දෙකක් කපා වෙන් කරන්න බෑ විශ්වාසය ඇතොත් සිතේ
හිරු හා නෙළුම් ඇත බැඳී - පිණි හා අරුණ සුව විඳී
මතු දා දිළිඳු පැළකදී - නැවතී ඉන්න සෙවණ දී
සිත හා සිතන සිතුවිලි - සරසා සදන සැණකෙළි
දෙනෙතේ නැගෙන කඳුළැලි - පිසදා මවනු සැණකෙළි
මුතු මැණික් එපා....
ඔබ මා ළඟම ගැවසිලා - මවනා සතුට උතුරලා
ගංගා විලස ගල ගලා - යන්නා සයුර වෙත බලා
සයුරේ වෙරළ අසලදී - බැඳිලා මුවට මුහුණ දී
මුසු වී ඉන්න හිත දිදී - එනවා ළඟම දිනකදී
මුතු මැණික් එපා....